Wednesday, March 10, 2010

සුළං විදුලි බලාගාර දෙකක්


මෙගා වොට් 30 ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
එම අමාත්‍යාංශය පවසන පරිදි මාම්පුරි හා කල්පිටිය ප්‍රදේශවල මෙම බලාගාර ස්ථාපිත කෙරේ. දැනටමත් කල්පිටිය ප්‍රදේශයේ ස්ථාපති සුළං විදුලි බලාගාරයේ ඉදිරිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින අතර එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 10 ක විදුලි ධාරිතාවක් සැපයීමට නියමිතය.
මාම්පුරි බලාගාරයේ ඉදිකිරීම් ඉදිරි මාස 6 ක කාලය තුළ නිම කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එමගින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාව මෙගා වොට් 20 කි. ada

0 comments:

Post a Comment