Wednesday, March 10, 2010

මැතිවරණ කාර්යාල බහුතරයක් නීති විරෝධියි


ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් දැනට පිහිටුවා ඇති දේශපාලන පක්ෂ කාර්යාල බහුතරයක් ලියාපදිංචි නොවු ඒවා බව පැෆ්රල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි පසුගිය දින දෙක තුළ සිදුකළ විශේෂ නීරීක්ෂණයකදී මේ පිළිබඳ අනාවරණය වී ඇත.
ගාල්ල , මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්වල මෙම විශේෂ නීරීක්ෂණය සිදුකළ බව හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව පොලිසියේ සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ අවසරය සහිත වු මැතිවරණ මෙහෙයුම් කාර්යාල 15 ක් පමණක් එම දිස්ත්‍රික් තුනෙන් වාර්තා වු බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ නගරවල නීති විරෝධි ලෙස පක්ෂ කාර්යාල කිහිපය බැගින් පිහිටුවා ගැනීමට ඇතැම් අපේක්ෂකයින් කටයුතු කර ඇති බවයි. ada

0 comments:

Post a Comment