Wednesday, March 10, 2010

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ඕනෑ


මෙරටට අවශ්‍ය වන්නේ පෞද්ගලික දේශපාලනයක් නොව ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට ගැටලු රැසකට හේතුව දේශපාලඥයින් ප්‍රතිපත්තිගරුක දේශපාලනයෙන් ඈත්වීම බවයි.
ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලනය ලෝක ප්‍රවණතාව බව ද බත්තරමුල්ල, සිංහපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මොරගොඩ මහතා සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පටු අරමුණුවලින් ඉවත් වී ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ නිරත වීමට කටයුතු කරන ලෙසයි. ada

0 comments:

Post a Comment