Wednesday, March 10, 2010

හකීම්ගේ ආරක්ෂාවට නිලධාරීන් 5 ක් ඕනෑ


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ලබාදීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ, තම ආරක්ෂාව ඉවත් කළ බවට‍ චෝදනා කරමින් රවුෆ් හකීම් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ දීය.
මෙහිදී රජයේ නීතීඥවරිය කියා සිටියේ හකීම් මහතාගේ ආරක්ෂාවට උපපොලිස් පරීක්ෂකවරයෙකු, ‍පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබාදීමට කටයුතු කර ඇති බවයි.
එහෙත් තම සේවාදායකයාගේ ආරක්ෂාව සඳහා අවම වශයෙන් නිලධාරීන් පස්දෙනෙකුවත් අවශ්‍ය බව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරු එහිදී කියා සිටියහ.ඒ අනුව පෙත්සම ලබන 25 වැනිදා යළි කැඳවීමට නියම කළ අධිකරණය, නිලධාරීන් පස්දෙනෙකු ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එදිනට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලදී. ada

0 comments:

Post a Comment