Wednesday, March 10, 2010

රැඳවුම් කඳවුරු වලට එරෙහි වූ පෙත්සම ඉවතට


ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් කඳවුරු 6 ක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ‍ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද ප්‍රතික්ෂේප කෙරුණි.
ඒ පැමිණිලි පාර්ශවය අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට එකඟවීම හේතුවෙනි. පයාගල ප්‍රදේශයේ කාන්තාවක විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තකරුවන් ලෙස නම් කර තිබුණේ පොලිස්පතිවරයා ඇතුළු පිරිසකි.
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හමුදාව විසින් පාලනය කරනු ලබන යෝජිත කඳවුරුවල රඳවා තබා ගැනීම මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ කඳවුරු හමුදාවට අයත් වුව ද ඒවායේ රඳවා තබන සැකකරුවන් පාලනය සම්පූර්ණයෙන්ම පොලිස්පතිවරයා යටතේ සිදුවන බවයි. එය පිළිගත් පැමිණිලි පාර්ශවය පෙත්සම ඉල්ලා අස්කරගැනීමට එකඟ වී තිබේ. ada

0 comments:

Post a Comment