Wednesday, March 10, 2010

රාජ්‍ය මාධ්‍යයේ අසීරුව කොමසාරිස්ට දන්වයි


ඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී රාජ්‍ය මාධ්‍ය ආයතන වෙන්කරන ගුවන් කාලය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතු වී තිබේ.
මැතිවරණ පනතට අනුව මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් නිශ්චිත ගුවන්කාලයක් හිමිවේ.
නමුත් රූපවාහිනී සංස්ථා සහ ගුවන් විදුලි සංස්ථා පාලන අධිකාරීන් මගින් මැතිවරණ ‍කොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ මෙවර එම කර්තව්‍යය ඉටුකිරීම ප්‍රායෝගිකව දුෂ්කර වී ඇති බවයි. පනතට අනුව එක් කණ්ඩායමකට හිමිවන ගුවන් කාලය විනාඩි 15 කි.
මෙවර මැතිවරණය සඳහා ‍පිළිගත් දේශපාලන පක්ෂ 36 ක් සහ ස්වාධීන කණ්ඩායම් 301 ක් තරග වදින බැවින් එම කණ්ඩායම් සඳහා ගුවන් කාලය වෙන් කිරීම තුළින් අදාළ ආයතනවල සාමාන්‍ය වැඩසටහන් පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව එම ආයතන මගින් දැනුම් දී තිබේ.
මේ හේතුවෙන් ඒ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස රාජ්‍ය මාධ්‍ය ආයතන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. ada

0 comments:

Post a Comment