![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCNHk0JWoz-0VWMXhXCLhPFahHPMfQjy1tFDDEBmXR_AZ2Mrom-w7WE92QxMZm4pU9dNdidxDtPAL80Y4BTqbzOIlfqGdrDstrCAxBia5VhhW-FnXeYSJ1Zerr3UlTmMMnfjuyanvrbhaz/s320/koch.jpg)
පීලි පැනීමට ලක්වු වව්නියාව රාත්‍රී තැපැල් දුම්රිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අදාල නිලධාරීන්ට දැනුම් දී තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී පි.පි.විජේසේකර මහතා පවසන පරිදි අදාළ දුම්රිය පීලි පැනීමට හේතුව දුම්රිය පීල්ලක් ගලවා තිබුණු බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
ඊයේ රාත්‍රී 10ට කොළඹ කොටුව සිට වව්නියාව බලා පිටත් වු රාත්‍රී තැපැල් දුම්රිය අද අලුයම 2.30ට පමණ ගල්ගමුව සහ සෙනරත්ගම අතර ස්ථානයකදී පීලිපැනීමකට ලක්විය.
මෙහිදි තැපැල් මැදිරිය , තුන්වන පන්තියේ මැදිරියක් සහ දුම්රිය එන්ජිම පීලිපැන තිබේ. මේ හේතුවෙන් අදාල දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ගල්ගමුව දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. adaderana
0 comments:
Post a Comment