Thursday, December 2, 2010

ජනපති උපදේශයෙන් නගර සභාවේද අනුමැතියකින් තොරව “සහේළි ගමගේ” නමින් පාරක්

මහරගම නගර සභාවේ කිසිදු අනුමැතියකින් තොරව “සහේලි ගමගේ” නමින් මහරගම අඹගහපුරයේ පාරක් නම්කර ඇති බව වාර්තාවේ. එම මාර්ගය බස්නාහිර පළාත් සභා අරමුදලෙන් ලක්ෂ 14ක පමණ ප්‍රතිපාදන වෙන්කොට ඉදිකර තිබේ. මේවන විට ඊට සමරු ඵලකයක්ද යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ මාර්ගයට මෙම නම දැමීම සදහා නගර සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය මහතා යෝජනාවක් ගෙනාවද ඊට මන්ත්‍රීවරුන් බහුතරයක් විරුද්ධවූ බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ඉසුර දේවප්‍රිය මහතාගේ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත් මහාමාර්ග අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් එම මාර්ගය “සහේලි ගමගේ” මාවත ලෙස වීවෘත කළ බව සමරුඵලකයේ සදහන්වේ.
ඡායාරූප - දිවයින පුවත්පත

0 comments:

Post a Comment