Thursday, December 2, 2010

විදුලි හොරු 115ක් මාට්ටුවෙයි-වැටලීම් මගින් ලක්ෂ 19 ට කිට්ටු ආදායමක්


පසුගිය සතිය තුළදී කිලිනොච්චිය ප‍්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස අයථා ක‍්‍රම මගින් විදුලිය පරිභෝජනය කළ පුද්ගලයින් එකසිය පහළොවක් නීතියේ රැහැනට කොටුකර ගනිමින් දඞුවමි පැමිණවීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකිවී තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ වැටලීමි අංශය මගින් පසුගිය සතියේ දෙදිනක් තුළ සිදුකළ වැටලීමි මගින් අයථා ක‍්‍රම මගින් විදුලිය පරිභෝජනය කළ පුද්ගලයින් 115ක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් දහඅට ලක්ෂ අනූනව දහස් පන්සිය හතළිස් දෙකක මුදලක් (රු. 1,899,542.00) උපයා ගැනීමට සමත්වී ඇති බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම මුදලින් එකොලොස් ලක්ෂ දසදහසක් (රු.1,110,000.00)උසාවි දඩ වශයෙන්ද, රු. හත්ලක්ෂ අසූනවදහස් පන්සිය හතලිස් දෙකක මුදලක් (රු.789,542.00) ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය වශයෙන්ද ගණන් බලා ඇති බව සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වකවානුවේ විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබූ අතර, මේ වනවිට එම තත්ත්වය යමිතාක් දුරට පාලනය කිරීමට හැකිවී තිබේ. මෙවැනි අක‍්‍රමිකතා සහ දූෂණ නිසා මෙම පාඩු ලබන තත්ත්වයන් තවත් උග‍්‍රවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මෙහෙයුමි අලාභ නොලබන ආයතනයක් බවට පත්කිරීමට නමි අවම මිල සහිත ජනන සැලැස්මක් ක‍්‍රියාත්මක වීමට අමතරව මෙවැනි දූෂණ,අක‍්‍රමිකතා වැළැක්විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චමිපික රණවක මහතා කියා සිටියි.

ආයතනය තුළ සහ ඉන් පරිබාහිරව සිදුවන සියලු අක‍්‍රමිකතා සහ දූෂණ මර්දනය කිරීමට වහාම පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ අංශ දැනුවත් කර ඇති අතර වැරදිකරුවන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින්ගේ විදුලි හිමිකමි අහෝසි කිරීමටද සැලසුමි කොට තිබේ.

මෙවැනි වංචාසහගත ක‍්‍රියාවන්හි නිරතවන්නන් එයින් මුදවාලීමට සහාය වීම තුළින් 2012 වසර වනවිට මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් විදුලියනය 100%ක් බවට පත්කිරීමේ උදාර මෙහෙවරේ සාඩමිබර කොටස්කරුවන් වීමට ශ‍්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.adaderana.lk

0 comments:

Post a Comment