Thursday, December 2, 2010

ජයලත්ට පහරදීමේ තැතක් -පාර්ලිමේන්තුව නොසන්සුන්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් අද(02) පාර්ලිමේන්තුව මිනිත්තු දහයකට කල් තැබීමට තීරණය කර ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 29 වන දින හීතෲ ගුවන් තොටුපළේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී එම උද්ඝෝෂණකරුවන් උසිගැන්වූ බවට චෝදනා කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන හා ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් මෙසේ ජයලත් ජයවර්ධන මහතාට පහරදීමට තැත්කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අවට සිටි මන්ත්‍රීවරුන් විසින් පයවර්ධන මහතා එම පහරදීමෙන් වලක්වා ඇති අතර එහිදී කරුණු දැක්වූ ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ලන්ඩන් නගරයට පැමිණි අවස්ථාවේදී තමන් එහි නොසිටි බව සඳහන් කර ඇත.

තමන් ලන්ඩන් නගරය තුළ රැඳී සිටියේ නොවැම්බර් මස 25, 26 යන දෙදින තුළ බවත්, ඉන්පසුව ඉතාලිය බලා පිටත්ව ගිය බවත් සිය ගුවන් ගමන් බලපත්‍රය දක්වමින් ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව හමුවෙහි ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ලන්ඩන් නගරය වෙත ළඟාවන විට තමන් රැඳීසිටියේ ඉතාලියේ බවත් ඔහු අවධාරණය කර තිබේ.
adaderana.lk

0 comments:

Post a Comment