Thursday, December 2, 2010

මහළු මඩම සඳහා රාජ්‍ය සේවා කොමිෂම බිලිවන අයුරු


රාජ්‍ය සේවා කොමිෂම පිහිටි කොල්ලුපිටිය කාල්වීල් පෙදෙසේ සිව් මහල් ගොඩනැගිල්ල මේ දිනවල ලහි ලහියේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ නිවහන බවට පත් කෙරෙමින් පවතී.

ඒ අනුව පසුගියදා පැමිණි මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් රාජ්‍යසේවා කොමිෂමේ ‍සේවකයන් ලවා එම ගොඩනැගිල්ලේ පිහිටි බඩු බාහිරාදිය ඉවත්කිරීම ආරම්භ කර තිබේ. මේවන විට එහි තිබූ ලිපිලේඛන සහ බඩු බාහිරාදිය පහත මාලයට ඇද දමා තිබේ. එම ලිපි ලේඛන දුගද හමන බහාලුම්වල බහා කිසිදු ආරක්ෂාවකින් තොරව පාර්සල් කර ඇති බව සේවකයින් පවසයි.

රාජ්‍ය සේවා කොමිසම මෙම ස්ථානය කුලියට ගෙන තිබුණේ ලක්‍ෂ 24 ක මාසක කුලියට වුවද ජ්‍යෙෂ්ඨ ඇමති කාර්යාලය පිහිට වූ සැනින් එහි මසක කුලිය රුපියල් ලක්‍ෂ 40 දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. එය කෙසේ වී දැයි කොමිසමේ සේවකයෝ මවිතය පල කරති. මේ අතර ගොඩනැගිල්ල නවීඛරණය කිරීම සදහා වැයවන මුදල රුපියල් කෝටි 50 කට අධික බව ද ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිෂම යළි ස්ථාපිත කරන ස්ථානය සම්බන්ධයෙන් මේවන තෙක් සදහනක් හෝ නොමැත. ඒ හේතුවෙන් 150 කට අධික කොමිෂමේ කාර්යමණ්ඩලයට ද යන එන මං නොමැති තත්වයකට පත්ව තිබේ.
lankatruth.com

0 comments:

Post a Comment