![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlNfYXrSV-gt-1CRcrPuHhVg-zPkS43DXbER7rYIDplxpxsd1NMpVjrJ95aubt_nxbwbBnfjjwDgCSxBqmbAmErdeYdor6hzgO3EMbWwO2hTAj-q_myojX9iHEhHkZKtK3OGmh77id3rUf/s320/shail.jpg)
ෂෙල්ගෑස් සමාගමේ කොටස් 51 % ක් යළි රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ලංකා බැංකුව හා සම්බන්ධව මෙම කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට අමාත්‍යාංශ 4ක ලේකම්වරුන් සිව්දෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඔහු එහිදී පැවසුවේය.
රජයේ දේපල පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වත්මන් රජය විසින් සම්පූර්ණයෙන්ම නතර කිරීමට පසුගිය කාලය තුළ පියවර ගත් බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට පෞද්ගලීකරණය කර ඇති ජනතා දේපල නැවත ලබාගැනීම සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇති බව ඔහු කියා සිටියේය. adaderana
0 comments:
Post a Comment