Tuesday, February 16, 2010

ධර්මශී්‍ර ඉවත් කිරීමට zහෙලදිවZ වසාදමයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රතිරූපය පිම්බීමට පවත්වාගෙන යන ලද zහෙළදිවZ පුවත්පත හදිසියේ වසා දැමා ඇත්තේ එහි ප්‍රධාන කර්තෘ ධර්ම ශී්‍ර කාරියවසම් ඉවත් කිරීට බැව් වාර්තා වේ. ඉකුත් ජනාධිපතිවරණයේදී විමල් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා නිලියක් සමග අයථා සම්බන්ධයක් ඇතැයි සඳහන් පුවතක් පළකරන ලෙස ධර්මශී්‍ර වෙත බලපෑම්කර ඇතත් ඔහු ඒ පිළිබඳව කසිදු සාක‍ෂියක් නොමැති බැවින් එවැන්නක් පළකර තමාට උසාවිගානේ රස්තියාදුවීමට නොහැකි බව පැවසීමේ කොන්තරයක් මෙම පුවත්පත වසා දැමීමට හේතුවී ඇතැයි පැවසේ. කිසිදු හේතුවක් නොමැතිව zහෙළදිවZ හිටපු ප්‍රධාන කර්තෘ ධර්මශී්‍ර ඉන් ඉවත් කළ නොහැකි බැවින් හා මෙම පුවත් පත ආරම්භ කිරීමට එක්කරගන්නා ලද බොහෝදෙනකු කර්තෘවරයාට හිතවත් අය බැවින් පුවත්පත කෙටි කලක් වසාදමා නැවත ආරම්භ කිරීමේ සැලැසුම මත මෙය වසා දමා ඇතැයි ද වාර්තා වේ. zහෙළදිවZ පුවත්පත විමල් වීරවංශගේ ඉතාම කිට්ටු මිත්‍රයෙකු වන ජපන් සමන් නැමැති අයකුට අයත්වූවකි. ඔහු ජපානයේදී සොරාගනු ලබන මෝටර් රථ මෙරටට පැටවීමේ කාර්යයේ නිරතවන්නෙකු බව ද පැවසේ. සයුරී ප්‍රකාශන ආයතනය මගින් මෙම පුවත්පත මුද්‍රණය කර ඛෙදා හරිනු ලැබිණි. zහෙළදිවZ වසා දැමීමට ආසන්න කලයේදී එය මුද්‍රණයකර ඇත්තේ දිවයින මුද්‍රණාලයේ බවද මේ අතර, වාර්තා වේ. ඒ කාලයේදී එහි ප්‍රධාන කර්තෘවරයා විසින් අවසන් වශයෙන් පරික‍ෂා කිරීමෙන් පසුව ද ඊට වෙනත් ලිපි ඇතුලත්වී ඇතැයි ද වාර්තා වේ. කෙසේවුවද ජනාධිපතිවරණයට පෙර මේ පුවත්පත zඩූ ඕ ඩයිZ හෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටින බව අප කීවෙමු. මාර්තු මුල් සතියේදී මෙය නැවත ආරම්භ කිරීමට යන බවද මේ අතර, වාර්තා වේ. lanka news web

0 comments:

Post a Comment