Tuesday, February 16, 2010

දනුන ගේ මවගෙන් සී.අයි.ඩීයට ප්‍රකාශයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාගේ මෑණියන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව කියැවේ.
දනුන තිලකරත්න මහතාගේ මෑණියන් වන අශෝකා තිලකරත්න මහත්මිය අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින වග පිළිගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්ද නැතිනම් ඇය විසින්ම ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේද යන්න පිළිබඳ තමා නොදන්නා බවද කීය.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතා මවගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි. ඉක්බිතිව ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ. මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් තමාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලදීම ප්‍රකාශ කර තිබුණු බව කියැවේ.

0 comments:

Post a Comment