Tuesday, February 16, 2010

ජනාධිපතිවරණයේ නොතිබුණු සල්ලි දැන් කොහෙන්ද? බැසිල්, දුමින්ද සිල්වා ගේ වත්කම් සොයයි

තමාට එතරම් වත්කමක් නැතැයි කියමින් ජනාධිපතිවරණ සමයේදී, කොළඹ දිස්ත්‍රික්කය තුළ ජනාධිපතිවරයාගේ පොස්ටර් ඇලවීම ප්‍රතිෙක‍ෂ්ප කර සිටි දුමින්ද සිල්වාට, මහමැතිවරණය සඳහා මෙතරම් පොස්ටර් ඇලවීමට හදිසියේම මුදල් ලැබී ඇත්තේ කෙසේදැයි සොයාබැලිය යුතු බව ජනාධිපති ෙජ්්‍යෂ්ඨ උපදේශක බැසිල් රාජපක‍ෂ, මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිනී කාන්ති කොඩිකාරයට ප්‍රකාශ කර තිබේ. සන්ධානයේ කිසිවෙකුට හෝ පෝස්ටර් ඇලවීමට ඉඩක් නොතබා දුමින්ද සිල්වාගේ කණ්ඩායම් කොළඹ නගරය පුරා පොස්ටර් අලවන බවත්, මහරගම ප්‍රදේශය අලවා තිබූ තමාගේ පෝස්ටර් උඩින් දුමින්දගේ පෝස්ටර් අලවා ඇති බවත්, කාන්ති කොඩිකාර විසින් බැසිල් රාජපක‍ෂ වෙත පැමිණිලි කර අවස්ථාවේදී ඔහු මෙම කාරණය සඳහන් කර තිබේ. ජනාධිපතිවරණ සමයේදී කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීමේ වගකීම බැසිල් රාජපක‍ෂ විසින් දුමින්ද සිල්වා වෙත පවරනු ලැබූ අවස්ථාවේදී, එම පෝස්ටර් ඇලවීම සඳහා පාප්ප සාදා දෙන ලෙසත් ප්‍රවාහන ගාස්තු හා සේවකයින්ගේ කෑමබීම ලබාදෙන ලෙසත්, දුමින්ද සිල්වා ඉල්ලා තිබේ. lanka news web

0 comments:

Post a Comment