![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3ecCrY-M6YAvu46BvTvHQmhyphenhypheniF8fG-uHJiDFWClT_cyu35MD-3jK5PufAln96DPxGVMNAsCxgu_yrXb5pnV5kp7fJGBUSRndE1lyvZVEwOVI2f2v9CB_m-ckwA5oXMWybQ-vubrPrJN7U/s320/hora.jpg)
හෙරොයින් ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 790 ක් සමග සැකකරුවෙකු රද්දොළුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු බොරැල්ල, මැගසින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රද්දොළුගම පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. මේ අතර වව්නියාව, පෙරියකෝමරසන්කුලම් වැව අසලදී අත් බෝම්බයක් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙෙනකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.adaderana.lk
0 comments:
Post a Comment