![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNh9BSh5UFCdx5y2PJYE3DJH7xyiQhCfMvIgEPm5EEO03y5UNvRf2lFrtZvi1wqX3wrnSBB3r8XL5QUc96w8HmIg5cMo_gI5ZHszVROl96y8CZJTeXGe57bc_kXlWmLs3y2NYmC0Tf6mcE/s320/hora.jpg)
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළඟතබාගත් පුද්ගලයින් දෙදෙනකු පිටකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පිටකොටුව, බෝධිරාජ මාවතේ වෙළඳ සංකීර්ණයකට පැමිණි පුද්ගලයින් දෙදෙනකු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබාදුන් රුපියල් දහසේ මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බවට වෙළඳ සැලේ හිමිකරු විසින් හඳුනාගැනීමත් සමග මොවුන් දෙදෙනා වෙළඳසැලේ හිමිකරු සහ සේවකයින් විසින් පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී රුපියල් දහසේ මුදල් නෝට්ටු 47 ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. ඉන් අනතුරුව වෙළඳසැලේ හිමිකරු විසින් මුදල් නෝට්ටු සහ සැකකරුවන් දෙදෙනා පිටකොටුව පොලිසියට භාරදී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් සතුව තිබූ මුදල් නෝට්ටු සම්බන්ධෙයන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment