Saturday, June 12, 2010

උපත්බර අඩු දරුවන්ට ලෙඩ වැඩියි


උපත් බර අඩු දරුවන්ට වයස්ගත වීමේ දී හෘදරෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග හටගැනීමේ වැඩි අවදානමක් පවතින බව පර්යේෂණයකින් අනාවරණය වෙයි. ජාතික පර්යේෂණ කොමිසම මගින් සිදුකරන ලද පර්යේෂණයදී මේ බව අනාවරණය වී තිබේ. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසන්නේ බිළි‍ෙඳකු මව් කුස නියමිත පරිදි නොවැඩීම උපත් බර අඩු දරුවන් බිහිවීමට‍ හේතුව බවයි. බිළ‍ිඳෙකුගේ වර්ධනයට බලපාන ජාන හා ජානවල ක්‍රියාකාරීත්වයෙන් ඇති වන ප්‍රෝටීන පිළිබඳව සිදුකළ පර්යේෂණයකින් අනතුරුව එම රෝග අවදානම පිළිබඳව අනාවරණය කරගෙන ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.එම්.තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණ සිදුකර තිබේ. adaderana

0 comments:

Post a Comment