Saturday, June 12, 2010

ඉරනමඩු වාර්ෂික සංවත්සරය සමරා පින්කම්


ඉරනමඩු ගුවන් පථය එල්. ටී. ටී. ඊ පාලනයෙන් මුදවාගෙන වසරක් ගතවීම සමරමින් විශේෂ පින්කම් කිහිපයක් සංවිධානය කර ඇත. 2009 වසරේ ජූනි මස 21 වන දින ඉරනමඩු ගුවන් පථය ගුවන් හමුදාව මගින් එල්. ටී. ටී. ඊ ග්‍රහණයෙන් මුදවාගනු ලැබීය. ඒ අනුව එම මුදවාගැනීමෙන් වසරක් ගතවන ජූනි 21 වන දින රාමනාදපුරම් විද්‍යාලයේ ද්‍රවිඩ සිසුන් වෙනුවෙන් මෙම පින්කම පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

සිසුන් 150 දෙනෙකුට පාසල් බෑග් හා පොත් බෙදාදීම, ගුවන් හමුදා වෛද්‍ය ඒකකය මගින් පවත්වන වෛද්‍ය සායනය, සිසුන් හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය බෙදාදීම යන අවස්ථා මෙම විශේෂ පින්කමට අයත්ය. එමෙන්ම රත්නපුරම් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගුවන් හමුදා සංගීත කණ්ඩායම හා සංස්කෘතික කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් ද පවත්වනු ලැබේ. adaderana

0 comments:

Post a Comment