Saturday, June 12, 2010

42 කණුව ළඟින් ප්‍ර‍වේස‍මෙන්


නුවරඑළිය - පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ 42 වන ‍කි‍ලෝමීටර් ක‍ණුව අසල නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 2009 දෙසැම්බර් මාසයේ ද මෙම ස්ථානයේ නායයෑමේ අවදානමක් පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා සඳහන් කළේය. පවතින වර්ෂාවත් සමග යළිත් එම ස්ථානයේ නායයෑමේ හැකියාවක් පවතින බව ඔහු පැවසුවේය. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.adaderana

0 comments:

Post a Comment