Saturday, June 12, 2010

මාළු හිඟය පියවන්න පිටරටින් මාළු


මේ දිනවල පවතින මාළු හිඟයට පිළියමක් වශයෙන් පිටරටින් මාළු ආනයනය කර පාරිභෝගිකයන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් ධීවර සංස්ථාව මගින් ආරම්භ කර තිබේ. ඒ අනුව ආනයනය කළ ප්‍රථම මාළු තොගය වශයෙන් තලපත් මාළු කි‍ලෝග්‍රෑම් 55,000 ක තොගයක් පසුගියදා දිවයිනට ළඟාවිය.

මෙම මාළු කිලෝවක මිල රුපියල් 420ක ස්ථාවර අගයක පවත්වාගෙන යාමට කටයුතු කරන බව ධීවර සංස්ථාවේ සභාපති මහීල් පී සේනාධීර මහතා පැවසුවේය. එමෙන්ම කෙලවල්ලා මාළු සඳහා පවතින ආනයනික බද්ද ඉවත් කිරීමට ද සාකච්ඡා පවත්වන බව සඳහන්ය. adaderana

0 comments:

Post a Comment