Friday, April 23, 2010

මම වැඩකළේ ප්‍රතිපත්තියට -සුසිල්


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 17 දෙනා නම් කිරීමේ දී ප්‍රතිපත්තිමය තීරණ වලට අනුව පමණක් කටයුතු කළ බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්‍ මහතා පවසයි.
29 දෙනෙ‍කුගෙන් යුතු ජාතික ලැයිස්තු නාම ලේඛනය නාම යෝජනා භාර දුන් අවසන් දිනයේ දී මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි. ඒ අනුව සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17 සඳහා නියෝජිතයන් පත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ ඇති කර ගත් එකඟතා මත සිදු කළ බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා පෙන්වා දෙයි.
අදාළ සාකච්ඡා වල දී හවුල්කාර දේශපාලන පක්ෂ සඳහා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධුරය බැගින් ලබා දීමට එකඟ වී ඇති අතර ඒ පිළිබඳ පූර්ව දැනුම් දීමක් සිදු කළ බව ද ඔහු අවධාරණය කරයි. තමාට අදාළ කාර්යය සම්බන්ධයෙන් අත්නෝමතික තීරණ ගත නොහැකි බව පෙන්වා දෙන සුසිල් ප්‍රේමජයන්ත් මහතා විමල් වීරවංශ මහතා එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.
කෙසේ වුවද ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනතා වරම වැරදි ලෙස අර්ථකථනය කර ගනිමින් හිස උදුමවා ගෙන කටයුතු කරන බවය. ජාතික නිදහස් පෙරමු‍ණට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධුරයක් පමණක් ලබා දීම මෙම අර්බුදයට හේතු වී ඇත. adaderana

0 comments:

Post a Comment