Friday, April 23, 2010

තවත් සිව් දරු නිවුන් උපතක්


කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී අද දින පෙරවරුවේ සිව් නිවුන් දරු උපතක් සිදුවූ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ආනන්ද මහතා පවසයි. මෙම දරුවන් සිව්දෙනාම පිරිමි දරුවන් වන අතර එක් දරුවකු උපදින විටත් මියගොස් සිට ඇති අතර එම දරුවා අඩු බර සහිත දරුවෙක් බව ද සඳහන්ය.
අනෙක් දරුවන් තිදෙනාම මේ වනවිට විශේෂිත ළමා ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් තිදෙනාම සුවයෙන් පසුවන බව රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මෙම සිව් නිවුන් දරුවන් අද දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ මවක් විසින් බිහිකර ඇති අතර සිසේරියන් සැත්කමක් මගින් එම දරු ප්‍රසූතිය සිදු කර තිබේ. adaderana

0 comments:

Post a Comment