Friday, April 16, 2010

මගේ නියෝජිතයන්ට ඡන්ද ගණින කොම්පියුටර් කාමරයට යන්න දුන්නේ නෑ: ජනප්‍රිය නිළි ගීතා


(ලංකා ඊ නිව්ස් -2010.අප්‍රේල්.14, ප.ව.1.20) තමාගේ මනාප ඡන්ද අඩු කිරීමටත් ඡන්ද ව්‍යාපාරයේදී තමා ලක් වූ කෙනෙහිලි කම් වලටත් වගකිව යුත්තේ තමාගේම පක‍ෂයේ අය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ සුප්‍රකට නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ පැවසූවේ අද(14) උදෑසන zලංකා ඊ නිව්ස්Z හා කළ සාකච්ඡාවකදී ය. අපේක‍ෂා භංගත්වයට පත් ස්වරයකින් වුවද තීක‍ෂණ ලෙසත් ධෛර්යය සම්පන්න ලෙසත් අදහස් දැක්වූ ඕ වැඩිදුරටත් කියා සිටියේ තමන් ජර්මනියේ මහා පරිමාන ඇඟලූම් කර්මාන්ත කරුවන් සමග ඛෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේත් පූර්ණ වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේත් ජනතාව වෙනුවෙන් ඇරඹීමට සැලසුම් කළ ව්‍යාපෘතීන් සියල්ල මඳ පසුබෑමක් ඇති වුනද පුද්ගලිකව හෝ ආරම්භ කරන බවයි.
තමාට ලැබුණු මනාප ඡන්ද අඩුකිරීමකට ලක්වූ බව පවසන කුමාරසිංහ මහත්මිය කිවේ තමාට ඡන්ද ගණන් කරන නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව නොලැබණු බවත් එය පවරා ගත් දිස්ත්‍රික්නායක පියසේන දිසානායක මහතා තමා නම් වශයෙන් දුන් පුද්ගලයින් පවා එම ස්ථානයෙන් ඉවත් කළ බවත්ය.
zකොටින්ම කියනවා නම් ඡන්ද ගණන් කරන කොම්පියුටර් කාමරයට යන්න පෞද්ගලික ලේකම් සමග තුන් දෙනෙකුට අවසර දෙනවා. නමුත් මගේ අයට යන්න ඉඩ දුන්නේ නෑ.Z ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
zමම දිස්ත්‍රික්කය පුරා ඡන්ද රැස්වීම් 620 ක කථා කළා. ගෙදරට ගෙනල්ලත් කථා කළා. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලක‍ෂ 300 කට වැඩිය වියදම් කළා. අඩුම ගණනේ මට මනාප 50,000 ක් හෝ තිබිය යුතුයි. ප්‍රතිඵලයේ තිබුනේ ඡන්ද 32.000 යි. මේක මට සිද්ධ වෙච්ච අසාධාරනයක්.Z කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කීවාය.
zමම අවංකවමයි මැතිවරණයට ආවේ. ජනාධිපතිවරයාම තමයි මාව ඛෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායිකාව ලෙස පත් කෙළේ. නමුත් වෙනත් අයෙක් (ඇය නම සඳහන් කළද පසුව ඉල්ලා සිටියේ නම සඳහන් නොකරන ලෙසයි) පසුව පත්කළා. ඔහු සංවිධායක යැයි පවසමින් ආසනය පුරා ගියා.Z
කොහොම වුනත් මේ හැම දේකටම මුල අපේ පක‍ෂයේම අය යැයි ගීතා කුමාරසිංහ මහත්මිය අවසාන වශයෙන් කීවාය. lankaenews

0 comments:

Post a Comment