Friday, April 16, 2010

තුනෙන් දෙකට කිට්ටුයි: අඩු 7 හදා ගන්න බිලීබෑම ජයටම: නාමල් පබාට කතා කරයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 15, ප.ව. 2.15) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට ආසන්නව ඇති පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන්ට අඩුව පවතින මන්ත්‍රී සංඛ්‍යාව විපක‍ෂයෙන් බිලී බා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට අරඹා තිබේ.
මෙම බිලී පිත්ත යොමු කොට ඇත්තේ ජනප්‍රිය විපක‍ෂ මන්ත්‍රීවරියක් නම් උපේක‍ෂා ස්වර්ණමාලී හෙවත් පබා වේ. ගම්පහ දිස්ත්‍රික්යෙන් තරඟ කළ ජනප්‍රිය නිළියක වන ඇයට ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක‍ෂ මහතා විසින් පාලක සන්ධානයට එක්වන ලෙස ආරාධනා කර ඇතැයිද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.
මෙලෙසම එජාපෙන් තරඟ කොට ජය ලබා ගත් දිගම්බරම් මහතාටද පාලක එජනිස විසින් ආරාධනා කර ඇත.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 117 ක් ලැබී ඇති අතර මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයන්හි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු එජනිස ලබා ගන්නා ආසන සංඛ්‍යාව තවත් 9 කින් වැඩි වේයැයි සැලකුවහොත් එම ගණන 126 කි. ජාතික ලැයිස්තුවෙන් ලැඛෙන කෝටා එක අනුව එජනිසට මන්ත්‍රීධූර 17ක් ලැබේ යැයි ගණන් බැලූවහොත් එය මන්ත්‍රීධූර 143 ක් දක්වා ඉහල යනු ඇත.
පාර්ලිමේන්තුවේ ආසන 225 න් තුනෙන් දෙකක් ලබා ගැනීමට නම් ආසන 150 ක් ලබා ගත් යුතු අතර පාලක එජනිසට මේ අනුව අඩුවන්නේ ආසන 7 කි. එය විපක‍ෂයෙන් බිලී බා ගැනීම මේ දිනවල මෙසේ ජයටම සිදුවන බවත් එයම දඩ මීමා කරගෙන විපක‍ෂ දේශපාලන කණ්ඩායම් නොයෙක් ඉල්ලීම් හිටපු විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවත් වාර්තා වේ. lankaenews

0 comments:

Post a Comment