![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilwdyAS75as-o6ZuT2_HgaPwhvTnRY-6Dds8JdzA90gfHgSBs7wkgd0f2JTi4TeiTXlt9jCwheWwN0s_8plOEbkYmEDGuqYLKhoozCm-q_j-GvOD07bnSIwbgh9-thn3y0schU88KA_Rdp/s320/hora.jpg)
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාතර පොලිසීයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුණි. වෙළඳසැළකින් ව්‍යාජ මුදල් ලබා දී භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
එහි දී ඔහු සතුව තිබූ ව්‍යාජ රුපියල් දෙදහසේ , දහසේ සහ රුපියල් සියයේ නෝට්ටු කිහිපයක් ද සොයා ගෙන ඇති බව සඳහන් වේ..
වැලිගම , වැලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සිය නිවසේ දී පරිඝනකයක් උපයෝගී කර ගනිමින් මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ..
0 comments:
Post a Comment