Monday, May 3, 2010
හදිසි නීති විවාදය දෙදිනක් පුරා
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය දෙදිනක් පුරා පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. මේ මාසය සඳහා හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වන අතර ඒ අනුව හෙට සහ අනිද්දා හදිසි නීති විවාදය සිදුකිරීමට නියමිතය. අලුතින් තේරී පත්වු මන්ත්රීවරුන්ට ද හදිසි නීති විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙනු ඇති බව වාර්තා වේ.
ඊයේ රැස්වු ආණ්ඩු පක්ෂ මන්ත්රි කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත. මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජු බලපෑමක් නොමැති හදිසි නීති මාලාවේ ඇතැම් වගන්ති ඉවත් කිරීම කෙරෙහිද ආණ්ඩු පක්ෂයේ අවධානය යොමු වී ඇති බව සඳහන්ය. adaderana
0 comments:
Post a Comment