![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj58BfPmL0N8V_FV4WXOn3IRUczWklD6M09rup1a4FwOUYXCDFRJ21DqTmiLhSVdPQZrrnGNj9YmC0O8KokA4Hm-24WzqYn-x3GA-oQoYHefkleWVV8vR5k5BfM4dBCI5ff0y2ba1uQt06g/s320/pabaa.jpg)
ගම්පහ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම ස්ථානයට පත් ඇත්තේ කණ්ඩායම් නායක බැසිල් රාජපක්ෂ මහතාය.
ඔහු මනාප ඡන්ද 42,5861 ක් ලබා ඇති අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මනාප ඡන්ද 1,86140 ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ දෙවෙනි ස්ථානයටද,මනාප ඡන්ද 1,51085 ක් ලබා ගනිමින් මර්වින් සිල්වා මහතා තෙවෙනි ස්ථානයට ද තේරී පත්වී තිබේ.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මනාප ඡන්ද 112010 ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබේ.
එක්සත් ජාතික පෙරමුණෙන් මනාප ඡන්ද 88850 ක් ලැබූ රුවන් විජේවර්ධන මහතා එ.ජා.ප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට තේරී පත්ව ඇති අතර මනාප ඡන්ද 81,350 ක් ලැබූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය දෙවෙනි ස්ථානයට ද,එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා මනාප ඡන්ද 60,310 ක් ලබා තෙවෙනි ස්ථානයට ද,දොස්තර ජයලත් ජයවර්ධන මහතා මනාප ඡන්ද 58,302 ක් ලබා සිව් වන ස්ථානයට ද තේරීපත් වී ඇත. adaderana