![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoOgzTLxlRvex2lAMRqEbb9ZAsDPJqQ_19PKd30N1GkwFoqSlBVSD90LnJvYeGztCj1IVN0gR3otThwk2gEdjAH8NUg7zFXzdxU8MrzAeW9iDsJbj8jv74ytBgnOSZfHFW7NJt_AnV7My1/s320/kehe.jpg)
අභියෝග මධ්‍යයේ වුව ද රණවිරුවන්ගේ සුභසාධන වැඩසටහන් කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මාතෘ භූමිය රැකදුන් රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කර ඇති බව හෙතෙම පෙන්වාදෙයි. ජාතික රණවිරු දිනයට සමගාමීව දිගන ප්‍රදේශයේ පැවති රණවිරු උපහාර උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රණවිරු විශ්‍රාම වැටුප් වැඩිකිරීම, දීමනා වැඩිකිරීම සහ රණවිරුවන්ගේ නිවාස සෑදීම හෝ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂයක් ලබාදීම කෙරෙහි රජය මේ වන විටත් අවධානය යොමු කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment