![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhytbPoLJ-Xx5HziI84znIOTEjAax5px_cRQtSdInNIcKnp4d7VnOHbQpTfkPGwFqpDHbLjlNtvb6pCXZzW3BIato18k2XpAshx1fhJa4Hn7MCXY9Kz7X6G7P57jW6mOdpCFUHsZsbNAKjP/s320/polo.jpg)
පොළොන්නරුව මහරෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීම සඳහා උතුරු මැද පළාත් සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඊයේ පැවති පළාත් සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 6 ක් ලැබී තිබුණි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසන පරිදි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව පළාත් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
සෑම දිස්ත්‍රික්කයකම රෝහලක්, ජාතික රෝහලක් බවට පත්කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පවරා ගැනීම සිදුකිරීමට නියමිතව තිබේ. adaderana
0 comments:
Post a Comment