![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRm3b6PUHhKQSGj5DwLgUytkj0r_S8q9VvnwGC4m1Yn3FrSHUPJgywfkJygZjhLRtXBVLZiKuCMcoo0FzqjwNwchSxDDM0m4DYpVhaDUm_S4QGp81aCBpPx5y0pryFfkscLaEwQsnL4yVj/s320/UN.jpg)
ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත කාල වකවානුව හා එහි කටයුතු පිළිබඳව සැලසුම් කරමින් සිටින බව බැංකි මූන් මහතා විසින් විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා පත්කරන ලද මෙම කමිටුව විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම හා වෙනත් පාර්ශව සමග සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව සඳහන්ය.
අදාළ කමිටුවේ අවසන් වාර්තාව මෙම මාසය තුළ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එම කමිටුවේ කාලය ලබන මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනු ලැබීය.
0 comments:
Post a Comment