![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFibqeYfdbq1VY0tO8G2AWci8qYJpphs87k2dCJkVtqFngEiVMbYjMtHGyF3IS8IloYdJuryi71rfpxoNfiz4i1st1hbpSE44cDa72IohYEg6FLBAo3MzPeYHOkBNduce1AF8wkeJWN2u8/s320/ww.jpg)
මෙරටින් විශ්රාම වැටුප් ලබන විදෙස් ගත විශ්රාමිකයන් 2000 කගේ පමණ විශ්රාම වැටුප් ගෙවීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු තම දෙපාර්තමේන්තුවට නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් කේ.ඒ.තිලකරත්න මහතා පවසයි. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ විශ්රාම වැටුප් ගෙවීම අත්හිටුවා තිබේ. විදෙස් ගත විශ්රාමිකයන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්ය.adaderana
0 comments:
Post a Comment