![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCDMLpBoUZsClRkupCt8pboFpJvlFyT143SBWnHSooxYj1Rc0ApBtYJQT1liPdLlmOg28wNR5Lw3hyphenhyphenDnISxxOoEf-1OTPWn94JzaNTFmsKr8jZ37AIBWkaKKcfRH2zSf_eZ5hvZ78d0EV8/s320/mahi.jpg)
වේලුපිල්ලෙයි ප්රභාකරන් මුස්ලිම් ජනතාව සිය ගම්බිම් වලින් පන්නා දැමූ අවස්ථාවේ දී ඔවුන් බේරා ගැනීමට කටයුතු කළේ තමන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ වන විට මනාව හිමිකම් ගැන කතා කරන විපක්ෂය සහ ජාත්‍යන්තර සංවිධාන මුස්ලිම් ජනතාවගේ එම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි බව ඔහු සඳහන් කරයි. ඊයේ රාත්‍රී මැද කොළඹ ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. අනාගත දරු පරපුර ගැන සිතා කටයුතු කිරීමට හොඳම කාලය මේ වන විට එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.adadearana
0 comments:
Post a Comment