![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigGSNqB5kxVG1xEQqU5L-5xWFSpRW_dHEBG3O498_AoGNNQs3m6ejUw8zJ1kGMWbSoH_1w2pMIsfGFzNP1bWwo_xcxOdRZMmBKY0Qgx9Yc7nb66PwP7bOIjgQWVsoAGPzls248pWK8Rl7N/s320/apee.jpg)
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ පක්ෂ ලේකම්වරු සිය වත්කම් හා බැරකම් වහාම තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කර තිබේ.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීමේ පනතේ අඩංගු ප්රතිපාදනවලට අනුව මෙම නියෝගය නිකුත් කරන බවයි.
එසේම ස්වාධීන කණ්ඩායම්වල නායකයින් සහ සෙසු සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. adade
0 comments:
Post a Comment