Monday, May 10, 2010

ගුරුවරු ඉල්ලා දෙමව්පියෝ පොලිසි යයි


වැලිගම සිද්ධාර්ථ ජාතික පාසලේ පවතින උග්‍ර ගුරු හිඟයට බලධාරීන් මේවන තෙක් කිසිදු පිළියමක් නොයෙදීමට එරෙහිව සහ ගුරු හිඟය පියවීමට මැදිහත්වන ලෙස ඉල්ලා දෙමව්පියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තාවේ.

දෙමව්පියන් මෙලෙස පැමිණිලි කර ඇත්තේ වැලිගම මූලස්ථාන පොලිසිය‍ටය. දෙමවුපියන්ගේ එම පැමිණිල්ලට අනුව පාසලේ විදුහල්පතිවරයා සහ දෙමව්පියන්පොලීසියට කැදවීමට පොලිස්ථානාධිපතිවරයා කටයුතු කර අතර එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා දැනුම්දිය යුතු සියලුම බලධාරීන්ට දැනුම්දී ඇති බවයි.
එහිදී එම ගැටලුව සම්බන්ධයෙන් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමට පොලිස්ථානාධිපතිවරයා කටයුතු කළද එය ප්‍රතිඵල දායක නොවීය.
අවසානයේ පොලිස් ස්ථානාධිපතිවරයා දෙමව්පියන්ට දැනුම්දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. හැකිනම් අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් අධ්‍යාපන ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර බලන ස පොලිස්ථානාධිපතිවරයා දෙමව්පියන්ට දැනුම්දී ඇත.
දෙමවුපියන් පවසන ආකාරයට සිද්ධාර්ථ ජාතික පාසලේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සදහා පෙනී සිටින වසර වල සිසුන්ගේ පන්තිවල පවා දැඩි ගුරු හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් එම සිසුන් බලවත් පීඩනයකට ලක්ව තිබේ. එබැවින් මෙම ගැටලුව විසදීමට වහා මැදිහත්වන ලෙස දෙමවුපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. lankatruth

0 comments:

Post a Comment