Monday, May 10, 2010

‍ඔස්ට්‍රේලියාවට යාමට ගිය පහක් අතුරුදහන්


ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමේ අරමුණින් බෝට්ටුවක ගමන් කරමින් සිටි අනවසර ශ්‍රි ලාංකික සංක්‍රමණිකයින් පස් දෙනෙකු මිය‍ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. ක්‍රියා විරහිත වී තිබු ඔවුන් ගමන් ගත් බෝට්ටුව ඔස්ට්‍රේලියාව ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සොයාගත් බව එම බලධාරීන් සඳහන් කරයි. බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් එහි ගමන් ගත් පි‍රිස පිහිනීමට උත්සාහ දැරීමේදී අනතුරට පත්වන්නට ඇති බවට ඔවුන් සැක පළ කරයි.
අතුරුදන් වුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණද කිසිවෙකුත් සොයා ගැනීමට හැකි වී නැත. ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ඉකුත් සතියේ මෙම බෝට්ටුව නීරීක්ෂණය කර ඇති අතර එදිනට පසුදින යළිත් එම බෝට්ටුව බලධාරීන්ට හමුවී ඇත්තේ මගීන්ගෙන් තොරවය. ඒ අනුව බෝට්ටුවේ ගමන් ගත් පිරිස මේ දක්වා ජීවත්ව සිටිය නොහැකි බවට තීරණය කළ එම බලධාරීන් සහන සේවා මෙහෙයුම් නතර කර ඇත. adaderana

0 comments:

Post a Comment