Monday, May 10, 2010

එජාපය ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගෙයි


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආඬි හත්දෙනාගේ කැඳ හැලිය මෙන් බව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කෙතරම් ප්‍රතිසංවිධානයන් සිදුකළ ද එම පක්ෂය යළි යළිත් අගාධයට යන බව ද ඒ මහතා සඳහන් කරයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ රැඳීසිටිය යුතු බවත්, දිගු කාලයක් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයේ රැඳීසිටීමේ අවස්ථාව හිමිවන ලෙස ප්‍රාර්ථනා කරන බව ද සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එජාපයේ මෙම තත්ත්වය ආදර්ශයක් කොට ගනිමින් නිදහස් පක්ෂය වඩාත් ශක්තිමත් පක්ෂයක් ලෙස ගොඩනැගීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා අවධාරණය කළේය. නව ලෝකයට ගැළපෙන ආකාරයේ වැඩ පිළිවෙළක් ඒ සඳහා දියත් කරන බව ද සිරිසේන මහතා පවසයි. ඒ සඳහා අලුතින් සාමාජිකයන් ලක්ෂයකට අධික පිරිසක් බඳවා ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මෙහිදී කියා සිටියේය. මේ අතර ජූලි 7 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවද කැඳවීමට තීරණය කර ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment