
කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ අලුතින් ඉදිකෙරුණු පිළිකා රෝග හඳුනා ගැනීමේ හා ප්‍රතිකාර කිරීමේ රසායනාගාරය අද විවෘත කෙරුණි. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අතින් එය විවෘත කෙරුණි.
මේ සඳහා වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 250ක් වේ. මෙම මුදල් පරිත්‍යාග කර ඇත්තේ අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරිය විසිනි. දැනට මෙවැනි රසායනාගාරයක් පවත්වාගෙන යනු ලබන්නේ මහරගම පිළිකා රෝහලේ පමණක් බව රජය පවසයි. adaderana
0 comments:
Post a Comment