Monday, May 10, 2010

මහා පරිමාණ මත්පැන් හලක් වටලයි


හලාවත මුන්නේෂ්වරම් දේවාලය ආසන්නයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබේ. මුන්නේෂ්වරම් පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් කළ මෙහෙයුමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධි මත්පැන් මිලිලීටර් 67,500ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
දේවාලයට පැමිණෙන බැතිමතුන් සහ විවිධ ව්‍යාපාර පවත්වාගෙන යන පිරිස් සඳහා අදාළ සැකකරු විසින් මත්පැන් අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ‍ගත් පුද්ගලයා සහ මත්පැන් තොගය අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

0 comments:

Post a Comment