Monday, May 10, 2010

අවතැන්වූවන්ට ස්ථීර නිවාස


උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා ස්ථීර නිවාස ඉදිකර දීම කඩිනම් කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව තුළ ජාතික සැළැස්මක් ඇති කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ මාන්කුලම කාර්යාලයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.
නිවාස ඉදිකිරීමේදී ඊට හවුල් වන සෙසු අමාත්‍යාංශ සියල්ල ඒකරාශී කොට ජාතික සැළැස්මක් ක්‍රියාවට නැංවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි. උතුරු නැගෙනහිර යළි පදිංචි කෙරුණු ජනතාව සඳහා තාවකාලික නිවාස ඉදිකර දීමට තමන් මෙන්ම රජයද එකඟ නොවන බව සඳහන් කළ වීරවංශ අමාත්‍යවරයා ඔවුන් සියලු දෙනාටම ස්ථීර නිවාස ඉදිකරදීමට කඩිනමින් පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. මෙහිදි වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සහ නව නිවාසලාභීන්ට හිමිකම් සහතික ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි. adaderana

0 comments:

Post a Comment