Monday, May 10, 2010

සිරසට එල්ලවූ ප්‍රහාරයේ විඩියෝ දර්ශනවල සිටින්නන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග


පසුගියදා සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයට පහරදීමේ සිද්ධිය රූගත කළ වීඩියෝ පටයේ සිටින සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද පොලීසියට නියෝග කළේය.
පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 14 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
අදාළ සැකකරුවන් රුපියල් 5,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් 50,000 බැගින් වූ සහතික ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණය හමුවට ඉදිරිපත් නොවූ අතර ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් එහිදී කොම්ප‍‍්‍ඤ්ඤ වීදිය පොලීසියට නියෝග කරනු ලැබිණ.
නඩුවට අදාළ වැ‍ඩිදුර විභාගය ජුලි 19 වෙනිදාට කල් තැබිණ.lankatruth

0 comments:

Post a Comment