
උසස් පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂයට පෙනී සිටිය යුතු බවට කොන්දේසි පැනවුව ද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එම විෂය සමත් වීම අනිවාර්යය නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහෙත් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම සඳහා සෑම සිසුවෙකුම ඉංග්‍රීසි විෂයට පෙනී සිට එහි ප්‍රතිඵල පෙන්විය යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවලට ඇතුළත් කරගැනීමට අපේක්ෂිත සිසුන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමට පෙර සිසුන්ට තම ගම් ප්‍රදේශවල සිටම ඉංග්‍රීසී පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීමට ද නියමිතය.adaderana.lk