
දැයට කිරුළ නිවාස සංවර්ධන වැඩසටහන යටතේ පවුල් 2500 ට නිවාස පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 220 කි.
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 700 ට රුපියල් ලක්ෂය දක්වා වූ නිවාස ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
2011 වසරේ නිදහස් දිනය නිමිත්තෙන් දැයට කිරුළ ප්‍රදර්ශනය මොණරාගල දී පැවැත්වෙන අතර ඊට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ. adaderana.lk
0 comments:
Post a Comment