Friday, April 16, 2010

තුනෙන් දෙකට කිට්ටුයි: අඩු 7 හදා ගන්න බිලීබෑම ජයටම: නාමල් පබාට කතා කරයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 15, ප.ව. 2.15) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට ආසන්නව ඇති පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන්ට අඩුව පවතින මන්ත්‍රී සංඛ්‍යාව විපක‍ෂයෙන් බිලී බා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට අරඹා තිබේ.
මෙම බිලී පිත්ත යොමු කොට ඇත්තේ ජනප්‍රිය විපක‍ෂ මන්ත්‍රීවරියක් නම් උපේක‍ෂා ස්වර්ණමාලී හෙවත් පබා වේ. ගම්පහ දිස්ත්‍රික්යෙන් තරඟ කළ ජනප්‍රිය නිළියක වන ඇයට ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක‍ෂ මහතා විසින් පාලක සන්ධානයට එක්වන ලෙස ආරාධනා කර ඇතැයිද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.
මෙලෙසම එජාපෙන් තරඟ කොට ජය ලබා ගත් දිගම්බරම් මහතාටද පාලක එජනිස විසින් ආරාධනා කර ඇත.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 117 ක් ලැබී ඇති අතර මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයන්හි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු එජනිස ලබා ගන්නා ආසන සංඛ්‍යාව තවත් 9 කින් වැඩි වේයැයි සැලකුවහොත් එම ගණන 126 කි. ජාතික ලැයිස්තුවෙන් ලැඛෙන කෝටා එක අනුව එජනිසට මන්ත්‍රීධූර 17ක් ලැබේ යැයි ගණන් බැලූවහොත් එය මන්ත්‍රීධූර 143 ක් දක්වා ඉහල යනු ඇත.
පාර්ලිමේන්තුවේ ආසන 225 න් තුනෙන් දෙකක් ලබා ගැනීමට නම් ආසන 150 ක් ලබා ගත් යුතු අතර පාලක එජනිසට මේ අනුව අඩුවන්නේ ආසන 7 කි. එය විපක‍ෂයෙන් බිලී බා ගැනීම මේ දිනවල මෙසේ ජයටම සිදුවන බවත් එයම දඩ මීමා කරගෙන විපක‍ෂ දේශපාලන කණ්ඩායම් නොයෙක් ඉල්ලීම් හිටපු විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බවත් වාර්තා වේ. lankaenews

මංගලට ඕනෑ විදියට එජාපය පාලනය කරන්න දෙන්න බෑ -රංජිත් මද්දුම බණ්ඩාර


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 16, පෙ.ව.11.50) මංගල සමරවීර මහතාගේ මහජන පාර්ශවයට ඕනෑ කරන විදියට එජාප කටයුතු කරගෙන යෑමට ඉඩ දීමට නොහැකි යයිද තමා පක‍ෂයෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සැකසූ නායකයන්ට පක‍ෂයෙන් යෑමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ යයිද මොනරාගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ එකම එජාප මන්ත්‍රීවරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව තම නිවසට එක් රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
එජාප නායකත්වය මෙම දිස්ත්‍රික්කයට පැමිණ මට ඡන්දය නොදෙන ලෙස පාක‍ෂිකයන්ට කියා සිටියත් වෙල්ලස්ස ජනතාව වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාදෙමින් මා නැවතත් පාර්ලිමේන්තුවට පත් කර යවා තිඛෙන්නේ මා කිසිදිනක පක‍ෂය හැර නොයන බව ඔවුන්ට විශ්වාස නිසාය. පක‍ෂයේ නායකයන්ගේ සාවද්‍ය ප්‍රකාශවලට වඩා ඔවුන්ට මගේ ක්‍රියාකලාපය විශ්වාසය.
පක‍ෂය වෙනුවෙන් මගේ පියා ජීවිතය පූජා කළ බව නායකත්වයට අමතක වුවද වෙල්ලස්සේ ජනතාවට අමතක නැත. මගේ පියා දිවි පුදා රැක ගත් පක‍ෂය මා කිසි දිනක හැර යන්නේ නැත. අභූත චෝදනා නගමින් මා පාර්ලිමේන්තුවට තේරීපත් වීම වැළැක්වීමටත් මා පක‍ෂයෙන් නෙරපීමටත් පිඹුරුපත් සකස් කළ නායකයන්ට පක‍ෂයෙන් ඉවත් වන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.
මොනරාගල දිස්ත්‍රික්කයට එජාපෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ නමක් වෙනස්කොට වෙනත් නමක් යොදා ඇතැයි මට චෝදනා කළ පක‍ෂ නායකත්වය පක‍ෂයේ මගේ තනතුරු පවා අත්හිටුවන්නට ක්‍රියා කළේය. එසේ කළේ මංගල සමරවීර මහතාගේ මහජන පාර්ශවයේ ඕනෑකමටය. මගේ ජයග්‍රහණයෙන් පෙන්වා දී තිඛෙන්නේ මහජන පාර්ශවයට ඕනෑ ආකාරයට පක‍ෂය කටයුතු කරනවාට පාක‍ෂිකයන් විරුද්ධ බවය. එබැවින් zමZ පාර්ශවයට ඕනෑ හැටියට එජාපය ගෙන යෑමට ඉඩදිය නොහැකිය.
පක‍ෂය රැකගෙන පක‍ෂයේ ජයග්‍රහණය සඳහා ඉදිරියේදීත් කැපවන බවට මන්ත්‍රීවරයා මෙහිදී ජනතාවට අවධාරණයෙන්ම කියා සිටියේය. lankaenews

මගේ නියෝජිතයන්ට ඡන්ද ගණින කොම්පියුටර් කාමරයට යන්න දුන්නේ නෑ: ජනප්‍රිය නිළි ගීතා


(ලංකා ඊ නිව්ස් -2010.අප්‍රේල්.14, ප.ව.1.20) තමාගේ මනාප ඡන්ද අඩු කිරීමටත් ඡන්ද ව්‍යාපාරයේදී තමා ලක් වූ කෙනෙහිලි කම් වලටත් වගකිව යුත්තේ තමාගේම පක‍ෂයේ අය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ සුප්‍රකට නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඇය මෙසේ පැවසූවේ අද(14) උදෑසන zලංකා ඊ නිව්ස්Z හා කළ සාකච්ඡාවකදී ය. අපේක‍ෂා භංගත්වයට පත් ස්වරයකින් වුවද තීක‍ෂණ ලෙසත් ධෛර්යය සම්පන්න ලෙසත් අදහස් දැක්වූ ඕ වැඩිදුරටත් කියා සිටියේ තමන් ජර්මනියේ මහා පරිමාන ඇඟලූම් කර්මාන්ත කරුවන් සමග ඛෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේත් පූර්ණ වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේත් ජනතාව වෙනුවෙන් ඇරඹීමට සැලසුම් කළ ව්‍යාපෘතීන් සියල්ල මඳ පසුබෑමක් ඇති වුනද පුද්ගලිකව හෝ ආරම්භ කරන බවයි.
තමාට ලැබුණු මනාප ඡන්ද අඩුකිරීමකට ලක්වූ බව පවසන කුමාරසිංහ මහත්මිය කිවේ තමාට ඡන්ද ගණන් කරන නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව නොලැබණු බවත් එය පවරා ගත් දිස්ත්‍රික්නායක පියසේන දිසානායක මහතා තමා නම් වශයෙන් දුන් පුද්ගලයින් පවා එම ස්ථානයෙන් ඉවත් කළ බවත්ය.
zකොටින්ම කියනවා නම් ඡන්ද ගණන් කරන කොම්පියුටර් කාමරයට යන්න පෞද්ගලික ලේකම් සමග තුන් දෙනෙකුට අවසර දෙනවා. නමුත් මගේ අයට යන්න ඉඩ දුන්නේ නෑ.Z ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
zමම දිස්ත්‍රික්කය පුරා ඡන්ද රැස්වීම් 620 ක කථා කළා. ගෙදරට ගෙනල්ලත් කථා කළා. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලක‍ෂ 300 කට වැඩිය වියදම් කළා. අඩුම ගණනේ මට මනාප 50,000 ක් හෝ තිබිය යුතුයි. ප්‍රතිඵලයේ තිබුනේ ඡන්ද 32.000 යි. මේක මට සිද්ධ වෙච්ච අසාධාරනයක්.Z කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කීවාය.
zමම අවංකවමයි මැතිවරණයට ආවේ. ජනාධිපතිවරයාම තමයි මාව ඛෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායිකාව ලෙස පත් කෙළේ. නමුත් වෙනත් අයෙක් (ඇය නම සඳහන් කළද පසුව ඉල්ලා සිටියේ නම සඳහන් නොකරන ලෙසයි) පසුව පත්කළා. ඔහු සංවිධායක යැයි පවසමින් ආසනය පුරා ගියා.Z
කොහොම වුනත් මේ හැම දේකටම මුල අපේ පක‍ෂයේම අය යැයි ගීතා කුමාරසිංහ මහත්මිය අවසාන වශයෙන් කීවාය. lankaenews

ගුවන් ගමන් සංශෝධනය කෙරේ


යුරෝපයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක් අද දි‍නයේ නියමිත වේලාවට පෙර පැමිණ තිබේ.
ෆ්‍රෑන්ක්ෆර්ට් සිට අද දහවල් 2.55 ට කටුනායක බලා පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 510 ගුවන් යානය අද පෙරවරු 11.45 ට පැමිණීමට නියමිතව තිබෙන බව ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය. මීට හේතු වී ඇත්තේ අයිස්ලන්තයේ ගිනිකන්දකින් නිකුත් වන දුම්වලා හේතුවෙන් යුරෝපය හරහා පියාසර කරන ගුවන්ගමන් කාල සටහන් තරමක් සංශෝධනය වී තිබීමය. එසේම ලන්ඩන් සිට කටුනායක බලා අද දිනයේ පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 506 ගුවන්යානය අවලංගු කර ඇති බව ද ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.
මේ අතර ලන්ඩන්, ෆ්‍රෑන්ක්ෆර්ට් සහ රෝමය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් ගමන් 3ක් ද අවලංගු කර ඇති බව වාර්තා වේ. ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් යුරෝපය හරහා පියාසර කිරීමට නියමිතව ඇත්නම් ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ දුරකතන අංක 0197 335555 ඔස්සේ අමතා පැමිණීමට පෙර තොරතුරු ලබාගන්නා ලෙසය. adaderana

ෆොන්සේකාට බ්‍රොන්කයිටීස් -අනෝමා


සරත් ෆොන්සේකා මහතාට ‍බ්‍රොන්කයිටීස්(Bronchitis) රෝගයේ මූලික අවස්ථාව වැළඳී ඇති බවට ඔහුව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කර ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
ෆොන්සේකා මහතාගේ අසනීප තත්ත්වය පිළිබඳව මැතිවරණ සමයේදී දීර්ඝ වශයෙන් කතා කළ ද දැන් ඒ පිළිබඳව කතා නොකරන බවට ඇතැමුන් චෝදනා කරන බවත් ෆොන්සේකා මහත්මිය පෙන්වා දෙයි. ඇය මෙම අදහස් දැක්වූයේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. සරත් ෆොන්සේකා මහතාගේ එක්ස් රේ පිටපතක් ගැනීමට ද වෛද්‍යවරයා නියම කර ඇති බවත්, එමෙන්ම බෙහෙත් වර්ග 06ක් ඔහු වෙත ලබා දී ඇති බවත් ඇය පවසයි. නමුත් තම ස්වාමි පුරුෂයාට වෛද්‍ය ප්‍රතිකාර වලට වඩා සුවය ලැබීම සඳහා අවශ්‍ය වන්නේ පිරිසිදු වාතාශ්‍රය ලැබෙන ස්ථානයක ජීවත්වීම බව ඇය අවධාරණය කරයි.adaderana

ප්‍රදේශ කිහිපයක සංචාරක කලාප


නිලාවැලි, ආරුගම්බේ සහ පාසිකුඩා යන ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කලාප ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ජාතිය ‍ෙගාඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශය ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අ‍ායෝජනය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 7,000 කි.
2012 වර්ෂයේ දී ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් එම ප්‍රදේශ වෙත වැඩි වශයෙන් ආකර්ශණය කරගැනීමට අමාත්‍ය‍ාංශය අපේක්ෂා කරන බව වාර්තා වේ.adaderana

එල්. ටී. ටී. ඊ ලාංඡනයෙන් බ්‍රිතාන්‍ය මැතිවරණයට


බ්‍රිතාන්‍යයේ ජීවත්වන 69 හැවිරිදි විශ්‍රාමික පුද්ගලයෙකු එල්. ටී. ටී. ඊ සංවිධානයේ ලාංඡනය යටතේ බ්‍රිතාන්‍යයේ ඉදිරි මැතිවරණයට තරග කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඔහු මෙසේ මැතිවරණයට තරග වදින්නේ විමුක්ති කොටි ජනතා පෙරමුණ ලෙස නව පක්ෂයක් පිහිටුවාගනිමිනි.
නඩරාජා බාලසුබ්‍රමනියම් නැමති මෙම පුද්ගලයා මීට පෙර ද එල්. ටී. ටී. ඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇත. මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔහුගේ මෙම පක්ෂය මාර්තු මස 19 වන දින ලියාපදිංචි පක්ෂ නාම ලේඛනයෙන් ඉවත් කර ඇත. ඒ එම පක්ෂය පිළිබඳව විමර්ශන කටයුතු පවත්වන තුරුය. නමුත් පසුව පක්ෂය සඳහා අවසර ලබා දී ඇත.adaderana

තාවකාලික හැඳුනුම්පත් නැවතත් ලබාදෙයි


යළි ඡන්ද විමසීම සිදුකෙරෙන නාවලපිටිය මැතිවරණ කොට්ඨාශය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි තාවකාලික හැඳුනුම්පත්ලාභී ඡන්ද දායකයන්ට යළි එම හැඳුනුම්පත් ලබාදීමට පියවර ගෙන තිබේ. පසුගිය 8 වනදා පැවති මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් එම හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
එහෙත් යළි ඡන්ද විමසීම සිදුකෙරෙන ප්‍රදේශවල ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාවය තහවුරු කිරීමට මෙම හැඳුනුම්පත් ලබාදෙන බව සඳහන්ය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් ද මැතිවරණයේදී භාවිත කළ බව ලේකම් කාර්යාලය පැවසීය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය මගින් නිර්දේශිත පිළිගත් අනන්‍යතා සහතිකයක් නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබානොදෙන බව ද එම කාර්යාලය සඳහන් කළේය. adaderana