Friday, April 16, 2010

තාවකාලික හැඳුනුම්පත් නැවතත් ලබාදෙයි


යළි ඡන්ද විමසීම සිදුකෙරෙන නාවලපිටිය මැතිවරණ කොට්ඨාශය සහ කුඹුරුපිටිය ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි තාවකාලික හැඳුනුම්පත්ලාභී ඡන්ද දායකයන්ට යළි එම හැඳුනුම්පත් ලබාදීමට පියවර ගෙන තිබේ. පසුගිය 8 වනදා පැවති මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් එම හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
එහෙත් යළි ඡන්ද විමසීම සිදුකෙරෙන ප්‍රදේශවල ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාවය තහවුරු කිරීමට මෙම හැඳුනුම්පත් ලබාදෙන බව සඳහන්ය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් ද මැතිවරණයේදී භාවිත කළ බව ලේකම් කාර්යාලය පැවසීය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය මගින් නිර්දේශිත පිළිගත් අනන්‍යතා සහතිකයක් නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබානොදෙන බව ද එම කාර්යාලය සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment