Friday, April 16, 2010

ගුවන් ගමන් සංශෝධනය කෙරේ


යුරෝපයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක් අද දි‍නයේ නියමිත වේලාවට පෙර පැමිණ තිබේ.
ෆ්‍රෑන්ක්ෆර්ට් සිට අද දහවල් 2.55 ට කටුනායක බලා පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 510 ගුවන් යානය අද පෙරවරු 11.45 ට පැමිණීමට නියමිතව තිබෙන බව ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය. මීට හේතු වී ඇත්තේ අයිස්ලන්තයේ ගිනිකන්දකින් නිකුත් වන දුම්වලා හේතුවෙන් යුරෝපය හරහා පියාසර කරන ගුවන්ගමන් කාල සටහන් තරමක් සංශෝධනය වී තිබීමය. එසේම ලන්ඩන් සිට කටුනායක බලා අද දිනයේ පැමිණීමට නියමිතව තිබූ යූ.එල්. 506 ගුවන්යානය අවලංගු කර ඇති බව ද ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.
මේ අතර ලන්ඩන්, ෆ්‍රෑන්ක්ෆර්ට් සහ රෝමය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් ගමන් 3ක් ද අවලංගු කර ඇති බව වාර්තා වේ. ගුවන්තොටුපල කාර්යභාර කළමනාකාරවරයා ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් යුරෝපය හරහා පියාසර කිරීමට නියමිතව ඇත්නම් ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ දුරකතන අංක 0197 335555 ඔස්සේ අමතා පැමිණීමට පෙර තොරතුරු ලබාගන්නා ලෙසය. adaderana

0 comments:

Post a Comment