Monday, February 22, 2010

තමන් ඝාතනයට ජවිපෙ දැරූ ප‍්‍රයත්නයක් පිළිබඳ නන්දන ගුණතිලකගෙන් හෙළිදරව්වක්.


කලකදි වහලූ කලකදි රහලූ... මේ පැරණි කියමනක්. මෙහි අනිත් පැත්ත කලකදි රහලූ කලකදි වහලූ. කථානායකයා නොබෝදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලැබූ නන්දන ගුණතිලක මහතා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රබලයෙක්. ගුණතිලක මහතා අතීතය සිහිපත් කරනවා. පානදුර ඊයේ පැවති ජන හමුවකදී ඔහු දැක්වූ අදහස් ජනතා විමුක්ති පෙරමුණට අදාළයි. පක්ෂයෙන් ඉවත් වූ පසු තමන් ඝාතනය කිරීමට ජවිපෙ සැලසුම් කළ බව නන්දන ගුණතිලක මහතා කියා සිටියා. ඒ ක‍්‍රම කිහිපයකින්. විෂ සහිත සර්පයින් යෙදවීම. විෂ සහිත බීම පානය කිරීමට සැලැස්වීම මෙන්ම තමන් ගමන් ගන්නා වාහනය අනතුරට ලක් කිරීමෙන් තමන් ඝාතනයට සැලසුම් කර තිබූ බව ගුණතිලක මහතා අනාවරණ කළා. එහෙත් එය සඵල කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා අන්ධ අනුගාමිකයන්ට නොහැකි වූ බවයි ඔහු පැවසුවේ.
මේ අතර ජවිපේ වත්මන් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 1989දී උපායශීලීව සිය දිවි බේරා ගත් බව ගුණතිලක මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ පක්ෂයේ ජාතික මෙන්ම ප‍්‍රාදේශීය නායකයන් ඝාතනය වෙද්දී සිය දිවි රැුක ගැනීම උදෙසා සිල්වා මහතා වාද්දුව ප‍්‍රදේශයේදී හමුදාවට භාරවූ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයින් යැයි කියා ගන්නා පිරිසද අතීතයේදී සිය සහෝදර පාක්ෂිකයන් පාවාදී තම දිවි රැුකගත් බවද නන්දන ගුණතිලක මහතා සඳහන් කළා.neth

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුනේ එක්වීමට එජාපයට තවමත් කල් තිබෙනවා - විජිත හේරත්


ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා පුළුල් පෙරමුණක් යටතේ තරග වැදීමට තවමත් එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. සිරගත වී සිටිමින් වුවද සරත් ‍ෆොන්සේකා මහතා, අනෝමා ෆොන්සේකා මහත්මිය හරහා එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් අනෙක් පක්ෂවලටත් එක් පෙරමුණක් යටතේ තරග කරන ලෙස ඉල්ලීම් කළ බවද විජිත හේරත් මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පළමු මාධ්‍ය හමුව අමතමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
''ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ගොඩනැගීමට විශාල දායකත්වයක් දුන්න සරත් ‍ෆොන්සේකා මැතිතුමා අද සිරගත කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලා තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතු අවස්ථාවක් උදා වී තිබෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය වෙනුවෙන් දැවැන්ත බලයක් ගොඩනගන්න, දැවැන්ත ශක්තියක් ගොඩනගන්න කටයුතු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරග කිරීමට ගෙනතිබෙන තීරණය ඊට බාධා වී තිබෙනවා. නමුත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා වෙනුවෙන් එක් පෙරමුණක් ගොඩනැගීමට අප සමත්ව තිබෙනවා. ඒ අනුව අප ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ කුසලානය ලකුණෙන් තරග කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනවා"truth

එජාපයට එරෙහිව නඩු දැමිය හැකියි - සරත් මනමේන්ද්‍ර


එක්සත් ජාතික පෙරමුණේ එකඟතා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වුවත් හැකියාව පවතින බව නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණට පක්ෂ 16ක් අත්සන් තැබුවේ මහමැතිවරණයට එක්ව එක පෙරමුණක් යටතේ තරග කිරීමට බවත් එහෙත් එක්සත් ජාතික පක්ෂය අලියකු බදාගෙන අවස්ථාවාදී ගමනක් යමින් සිටින බවත් ඔහු පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, අද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ බදාගෙන අවස්ථාවාදී දේශපාලනයක් කරමින් ඉන්නවා. සරත් ‍ෆොන්සේකා මහතා සිරගත කොට තිබියදී එතුමාට ද්‍රෝහී වෙන්න, ගුණමකු වෙන්න අපට බැහැ. කාට පුළුවන් වුණත් අපට එහෙම කරන්න බැහැ. ඒ නිසා අපි ‍ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එකතු වෙනවා.” යැයිද පැවසීය.truth

හෙළ උරුමයේ හිමයන් බැහැ දැකීම මල්වතු හිමියන් ප්‍රතික්ෂේප කරයි


ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු හෙළ උරුමයේ සාමාජිකයන් පිරිසක් මල්වතු හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තමන් වහන්සේ අවිවේකී බැවින් හමුවිය නොහැකි බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමගංල හිමියන් දන්වා ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව ඇති එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් පිරිසට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැ දැකීමට සිදුව තිබේ.
මහානායක හිමියන් හෙළ උරුමයේ නියෝජිත පිරිස මුණ නොගැසීමට සැබෑ හේතුව උන්වහන්සේගේ කාර්ය බහුලත්වයද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත.truth

මට පාර්ලිමේන්තු යන්නම ඕන නෑ


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එළඹෙන මහ මැතිවරණයේදී"කුසලානය"ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරඟ වැදීමට නියමිතය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමා මෙවර තරඟ කරන්නේ ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට යාම ම අපේක්ෂා කරමින් නොවන බවත්, රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට නැවතීමක් තබන්නට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය වීමට බවත් හෙතෙම කියා සිටියේය.
කෝප් වාර්තාවේ නම් සඳහන්ව ඇති දූෂිතයන් කීදෙනෙකු යළිත් පාර්ලිමේන්තු යන්නට වරම් ඉල්ලන සැටි එළඹෙන 26 දිනට දැක බලා ගතහැකි බවද රණතුංග මහතා පැවසීය.

ෆොන්සේකා කුසලානයෙන් කොළඹට


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා"කුසලානය"ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කිරීමට නියමිත බව ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇතැයිද, පක්ෂය දිස්ත්‍රීක්ක 22 සඳහාම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
මේ වන විට තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවද ඉදිරියේදී පුළුල් පෙරමුණක් ලෙස බලයක් ගොඩනඟා ගැනීමට හැකි බවට විශ්වාසයක් පවතින බවද ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

අපේක්ෂකයින්ගෙන් වත්කම් බැරකම් ඉල්ලයි


පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ පක්ෂ ලේකම්වරු සිය වත්කම් හා බැරකම් වහාම තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කර ති‍බේ.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ අඩංගු ප්‍රතිපාදනවලට අනුව මෙම නියෝගය නිකුත් කරන බවයි.
එසේම ස්වාධීන කණ්ඩායම්වල නායකයින් සහ සෙසු සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතුව තිබෙන බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. adade

තැපැල් ඡන්ද අයදුම් කාලය නැවත දීර්ඝ කරන්නෙ නෑ


මහ මැතිවරණයේ රාජකාරී කටයුතු වල නිරත වන රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීමට තිබු කාලය ලබන 26 වැනිදායින් පසුව කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
තැපැල් ඡන්ද සදහා අයදුම් කිරීමට රාජ්‍ය සේවකයින්ට මීට පෙර ලබා දී තිබු කාලය අදින් අවසන් විමට නියමිතව තිබුණි. එහෙත් රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම මත එම කාලය දීර්ඝ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගත්තේය. adade

දිස්ත්‍රික්ක 3ක සන්ධාන නාම යෝජනා බාරදෙයි


Print this

දිස්ත්‍රික්ක 3ක සන්ධාන නාම යෝජනා බාරදෙයිFebruary 22, 2010 01:00 pm
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිස්ත්‍රික්ක 3 ක් සඳහා නාමයෝජනා භාර‍දෙනු ලැබීය.
ඒ ගම්පහ, හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහාය. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදෙනු ලැබුවේ එහි කණ්ඩායම් නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා විසිනි. අමාත්‍ය පියසේන ගම‍ගේ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායකයා ලෙස සිය නාමයෝජනා අද භාරදෙනු ලැබීය.
හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත භාරදුන්නේය. ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතාගේ නම ද හම්බන්තොට දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට ඇතුළත්ව තිබුණි. adaderana

සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කොළඹට තරඟවදී


එම්.ටී.වී හා සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුසිල් කිඳෙල්පිටිය මහතා එළඹෙන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින බව වාර්තා වේ.
මෙවර මහ මැතවරණයට තරඟ කිරීම සඳහා පසුගිය සිකුරාදා ඔහු සිරස ආයතනයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ. adade

වාමාංශික පෙරමුණ සන්ධානගතව මැතිවරණයට


දෙමළ ජාතික ජාතික සන්ධානයෙන් එක්වු පිරිස ඇතුලු තවත් කණ්ඩායම් කිහිපයක් සමග සන්ධාන ගතව මෙවර මැතිවරණය සඳහා තරග කරන බව නව වාමාංශික පෙරමුණ පවසයි.
අදාළ කණ්ඩායම් සමග අද දිනයේදී එකඟතා ගිවිසුම් වලට පැමිණෙන බව එහි නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව මෙවර මැතිවරණයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා තරග කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වු පිරිසක් ඊයේ දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීමට තීරණය කළ අතර තවත් පිරිසක් වාමාංශික පෙරමුණ සමග එක්විය. දෙමළ ජාතික සන්ධානය යටතේ මෙවර නාම යෝජනා නොලැබීම ඔවුන්ගේ ඉවත් වීමට හේතුව බව වාර්තා වේ.

දිවුලපිටියේ මිනිස් ඝාතනයක්


දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙදෙනෙකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් යකඩ මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ වෑහැර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව ලබන මස තුන වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. adad

කැනඩාවේ උදයන් පුවත්පතට ප්‍රහාරයක්


කැනඩාවේ පිහිටි"උදයන්"නම් ද්‍රවිඩ පුවත්පත් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ලවීමට පෙරදින රාත්‍රියේ පුවත්පත් කතුවරයාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ද ලැබී තිබේ. ප්‍රහාරයට හේතුව ලෙස කැනඩාවේ පිහිටි ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය සහ එක්සත් ද්‍රවිඩ කවුන්සලය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවක් උදයන් පුවත්පත මගින් ආවරණය කිරීම බව සඳහන් ‍වේ.
උදයන් පුවත්පත ‍කැනඩාවේ ටොරෙන්ටෝහි ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් පරිහරණය කරනු ලබන පුවත්පතකි. මෙම සිදුවීම පිළිබඳව පොලිසීය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි. adade

රෝහල් උපකරණ අක්‍රීයවීමෙන් රෝගීන් අමාරුවේ


කතරගම, බුත්තල, තණමල්විල හා තිස්ස යන ප්‍රදේශයන්හි රෝහල්වල දියවැඩියා රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට ලක්වී තිබේ.
මේ හේතුවෙන් දියවැඩියා‍ රෝගීන්ට තම පරීක්ෂණ පෞද්ගලික බෙහෙත් ශාලා මගින් විශාල මුදලක් ගෙවා සිදුකර ගැනීමට සිදුව ඇති බව සඳහන්ය. එම රෝහල්වල සේවය කරන ඇතැම් රසායනාගාර නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය ආයතන පවත්වාගෙන යන බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කෙසේ වුවද කඩිනමින් අදාළ යන්ත්‍ර අළුත්වැඩියා කර තමන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.