
දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙදෙනෙකු අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් යකඩ මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ වෑහැර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස තුන වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. adad
0 comments:
Post a Comment