Monday, February 22, 2010

තමන් ඝාතනයට ජවිපෙ දැරූ ප‍්‍රයත්නයක් පිළිබඳ නන්දන ගුණතිලකගෙන් හෙළිදරව්වක්.


කලකදි වහලූ කලකදි රහලූ... මේ පැරණි කියමනක්. මෙහි අනිත් පැත්ත කලකදි රහලූ කලකදි වහලූ. කථානායකයා නොබෝදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලැබූ නන්දන ගුණතිලක මහතා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රබලයෙක්. ගුණතිලක මහතා අතීතය සිහිපත් කරනවා. පානදුර ඊයේ පැවති ජන හමුවකදී ඔහු දැක්වූ අදහස් ජනතා විමුක්ති පෙරමුණට අදාළයි. පක්ෂයෙන් ඉවත් වූ පසු තමන් ඝාතනය කිරීමට ජවිපෙ සැලසුම් කළ බව නන්දන ගුණතිලක මහතා කියා සිටියා. ඒ ක‍්‍රම කිහිපයකින්. විෂ සහිත සර්පයින් යෙදවීම. විෂ සහිත බීම පානය කිරීමට සැලැස්වීම මෙන්ම තමන් ගමන් ගන්නා වාහනය අනතුරට ලක් කිරීමෙන් තමන් ඝාතනයට සැලසුම් කර තිබූ බව ගුණතිලක මහතා අනාවරණ කළා. එහෙත් එය සඵල කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා අන්ධ අනුගාමිකයන්ට නොහැකි වූ බවයි ඔහු පැවසුවේ.
මේ අතර ජවිපේ වත්මන් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 1989දී උපායශීලීව සිය දිවි බේරා ගත් බව ගුණතිලක මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ පක්ෂයේ ජාතික මෙන්ම ප‍්‍රාදේශීය නායකයන් ඝාතනය වෙද්දී සිය දිවි රැුක ගැනීම උදෙසා සිල්වා මහතා වාද්දුව ප‍්‍රදේශයේදී හමුදාවට භාරවූ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයින් යැයි කියා ගන්නා පිරිසද අතීතයේදී සිය සහෝදර පාක්ෂිකයන් පාවාදී තම දිවි රැුකගත් බවද නන්දන ගුණතිලක මහතා සඳහන් කළා.neth

0 comments:

Post a Comment