Friday, April 16, 2010

මංගලට ඕනෑ විදියට එජාපය පාලනය කරන්න දෙන්න බෑ -රංජිත් මද්දුම බණ්ඩාර


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 16, පෙ.ව.11.50) මංගල සමරවීර මහතාගේ මහජන පාර්ශවයට ඕනෑ කරන විදියට එජාප කටයුතු කරගෙන යෑමට ඉඩ දීමට නොහැකි යයිද තමා පක‍ෂයෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සැකසූ නායකයන්ට පක‍ෂයෙන් යෑමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ යයිද මොනරාගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ එකම එජාප මන්ත්‍රීවරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව තම නිවසට එක් රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
එජාප නායකත්වය මෙම දිස්ත්‍රික්කයට පැමිණ මට ඡන්දය නොදෙන ලෙස පාක‍ෂිකයන්ට කියා සිටියත් වෙල්ලස්ස ජනතාව වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාදෙමින් මා නැවතත් පාර්ලිමේන්තුවට පත් කර යවා තිඛෙන්නේ මා කිසිදිනක පක‍ෂය හැර නොයන බව ඔවුන්ට විශ්වාස නිසාය. පක‍ෂයේ නායකයන්ගේ සාවද්‍ය ප්‍රකාශවලට වඩා ඔවුන්ට මගේ ක්‍රියාකලාපය විශ්වාසය.
පක‍ෂය වෙනුවෙන් මගේ පියා ජීවිතය පූජා කළ බව නායකත්වයට අමතක වුවද වෙල්ලස්සේ ජනතාවට අමතක නැත. මගේ පියා දිවි පුදා රැක ගත් පක‍ෂය මා කිසි දිනක හැර යන්නේ නැත. අභූත චෝදනා නගමින් මා පාර්ලිමේන්තුවට තේරීපත් වීම වැළැක්වීමටත් මා පක‍ෂයෙන් නෙරපීමටත් පිඹුරුපත් සකස් කළ නායකයන්ට පක‍ෂයෙන් ඉවත් වන්නට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.
මොනරාගල දිස්ත්‍රික්කයට එජාපෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ නමක් වෙනස්කොට වෙනත් නමක් යොදා ඇතැයි මට චෝදනා කළ පක‍ෂ නායකත්වය පක‍ෂයේ මගේ තනතුරු පවා අත්හිටුවන්නට ක්‍රියා කළේය. එසේ කළේ මංගල සමරවීර මහතාගේ මහජන පාර්ශවයේ ඕනෑකමටය. මගේ ජයග්‍රහණයෙන් පෙන්වා දී තිඛෙන්නේ මහජන පාර්ශවයට ඕනෑ ආකාරයට පක‍ෂය කටයුතු කරනවාට පාක‍ෂිකයන් විරුද්ධ බවය. එබැවින් zමZ පාර්ශවයට ඕනෑ හැටියට එජාපය ගෙන යෑමට ඉඩදිය නොහැකිය.
පක‍ෂය රැකගෙන පක‍ෂයේ ජයග්‍රහණය සඳහා ඉදිරියේදීත් කැපවන බවට මන්ත්‍රීවරයා මෙහිදී ජනතාවට අවධාරණයෙන්ම කියා සිටියේය. lankaenews

0 comments:

Post a Comment